ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් පෞද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාලන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් රජයට රුපියල් බිලියන 11 යි දශම 4 ක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නමැති වරද සිදුකර ඇති බවට වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු 8 දෙනෙකුට එරෙහි නඩුව ඔක්තෝබර් මස 30 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය ඔක්තෝබර් මස 3 වනදා තෙක් බලපැවැත්වෙන තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවයි නඩුව ගොනුකර ඇත්තේ.
හිටපු නාවික හමුදාපතිවරුන් 3 දෙනෙකු වන සෝමතිලක දිසානායක , ජයනාත් කොළඹගේ , ජයන්ත පෙරේරා හා ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති , පාලිත පියසිරි ප්‍රනාන්දු , කරුණාරත්න බණ්ඩාර යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා. නඩුවේ දෙවැනි විත්තිකාරිය වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති නමැත්තිය නොමැතිව නඩුව විභාග කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.