ආචාර්ය වික්ටර් රත්නායක ගේ “සරස” මංගල ප්රසංගය ලබන අගෝස්තු 11 වැනිදා සවස 6.30ට මහනුවර, පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ ශ්රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.
“සරස” සැරසීමට සංගීතයෙන් සුසිල් අමරසිංහ මහතා දායක වන අතර ප්රවීන සන්නිවේදක වසන්ත රෝහණ මහතා හඬ දායකත්වය ලබා දෙනවා. වික්ටර් රත්නායක ප්රතිභා ප්රණාම පර්ෂදයේ ප්රවීණ කලාකරුවන්ගේ සංවිධාන කරන මෙම ප්රසංගය “ස” ප්රසංගයට පෙම් බැඳි ප්රේකෂකයන්ට අලුත් ම අත්දැකීමක් වේවි.