ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම හා සංචාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. කොළඹ පී සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 287 ක් ලබා ගත්තා. ඊට පිලිතුරු ලෙස දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 338 ක් ලබා ගැනීමට සමත්වුණා. මේ අනුව දෙරට අතර දෙදින පුහුණු තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ලබන 12 වනදා ආරම්භවීමට නියමිතයි.