කොටහේන ජම්පටා වීදිය ප්රදේශයේ ඊයේ රාත්රියේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ ක්රියාත්මක බව පොලිසිය පවසනවා. ජම්පටා වීදිය ප්රදේශයේ වෙළෙද සැලකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකුයි වෙඩි ප්රහාරය එල්ල කර ඇත්තේ.
වෙළෙද සැල පවත්වාගෙන ගිය අඹු සැමි යුවළ ඉන් මියගියා. තවත් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලේ ප්රතිකාර ලබනවා. ප්රහාරකයන් සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.