අතක් කෑ කතක්
Related Articles
ග්රාම නිලධාවරියක් විසින් කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ අතක් සපා කෑමේ සිද්ධියක් අද (08)රක්වාන ප්රදේශයෙන් වාර්තා වුණා.රක්වාන පොලිස් ස්ථානයේ සේවය එම නියතු කොස්තාපල්වරිය රක්වාන රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ රක්වාන පොලිසියේ සේවය නියතු (ඩබ් පී සි ) පෙරේරා නැමති කාන්තා පොලිස් කොස්තාපල් වරියකයි.
මිට පෙර අවස්ථාවක දී පොලිස් නිලධාරියෙකුට බැන වැදි තර්ඡනය කිරිමේ චෝදනාවකට ලක්ව ඇති වත්තේකන්ද ප්රදේශයේ පදිංචි මෙම ග්රාම නිලධාරිණිය පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සිට ඇති අතර අද (08) කිසියම් අව්යතාවකට මෙම නිලධාරිණිය රක්වාන පොලිසියට පැමිණ සිටි බවත් ඵම අවස්ථාවේ දී ඇය අත්අඩංගුවට ගැනීමට යාමේ දී අදාළ කොස්තාපල්වරියගේ අත සපා කා ඇති බවටයි සඳහන් වන්නේ.
අදාළ ග්රාම නිලධාරිවරිය අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල වැඩබලන මහෙස්ත්රාත් ඡයසිරි මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හෙට (09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මහෙස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේදී ඇය තවත් කාන්තා පොලිස් නිලධාරිණියකගේ ද අත සපා කා ඇති අතර මේ සම්බන්ධව ද පරික්ෂණ අරඹා තිබෙනවා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment