කොළඹ දිස්ත්‍රික් පාසල් වොලිබෝල් තරග බොරැල්ල සීවලී මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. 18 වන වරටයි මෙය සංවිධාන කෙරෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා පාසල් වොලිබෝල් සංගමය එක්ව තරගාවලිය සංවිධාන කරනවා. බාලක බාලිකා වයස් කාණ්ඩ 5 ක් යටතේ තරග පැවැත්වෙනවා.
පාසල් 143 ක කණ්ඩායම් 300 ක් මේ සදහා ඉදිරිපත්ව සිටිනවා. අවුරුදු 17 න් පහළ අවසන් පූර්ව තරගයකින් කොළඹ ආනන්ද විදුහල වට දෙකට එකක් ලෙස පරාජය කරමින් හෝමාගම මහා විද්‍යාලය අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවති අවසන් මහා තරගයේදී දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්වුණා.