ජපානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව හැට දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ ජපානයේ බටහිර ප්රදේශයටයි.
අධික වැසි , නායයාම් හා ගංවතුර හේතුවෙන් මිලියන 1.5ක වැඩි පිරිසකට ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා. තවත් මිලියන තුනක පිරිසකට අවදානම් නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ. ඉදිරි දින කිහිපයේදී වර්ෂා තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව එරට කාලගුණ අංශ පවසනවා. අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සදහා පොලිස් නිලධාරීන් සහ සහන සේවකයින් දහසකට වැඩි පිරිසක් යොදවා සිටිනවා.