පළතුරු පරිභෝජනය ඉහළ නැංවීම හා මෙරට පළතුරු වගාවේ ප්‍රවර්ධනය අරමුණු කරගත් පළතුරු ප්‍රදර්ශනය හොරණදී අද (07) ආරම්භ කෙරුණා. ග්‍රෑම් 200 ක පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය 2018 යනුවෙනුයි මෙය නම්කර තිබෙන්නේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ හොරණ කනන්විල පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්රයේදීයි. තාක්ෂණික ප්‍රදර්ශන කුටි, පළතුරු වගාවේ ගැටලුවලට උපදෙස් ලබා දීම හා පළතුරු පැළ අලෙවිය ද මෙහිදී සිදුකෙරෙනවා. හෙට(08) සහ අනිද්දා (09)යන දිනවලදි ද ප්‍රදර්ශනය පැවැත්වෙනවා. අපේ රටේ වාර්ෂික පළතුරු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් එකොළොස්දහස් දෙසීයක්. එහෙත් විදේශයන්ගෙන් පළතුරු මෙට්‍රික් ටොන් පනස්හතර දහසක් ආනයනය කෙරෙනවා.
මිදි ආනයනය සඳහා පසුගිය වසරේ පමණක් රුපියල් මිලියන 2766 ක් වැයකර තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ අනුව පළතුරු වගාව ව්‍යාප්ත කිරීම සඳහායි මෙම ප්‍රදර්ශනය සංවිධාන කළේ. පළතුරු වර්ග 600 ක් පමණ හොරණ කනන්විල පළතුරු ගම්මානයේ වගාකර තිබෙනවා. අක්කර 300 ක භූමි ප්‍රදේශයක් පුරා ප්‍රදර්ශනය පැවැත්වෙනවා. එහි ආරම්භක අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගි වුණා.
අමාත්‍ය මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/h_orPlQS9ds”]