මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් කඩිනමින් අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට අදාල ක්‍රියා මාර්ග ගන්නා ලෙස එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතන වලට උපදෙස් ලබා දී ඇති බවයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්වය පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියර පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදි කිරීමට ජපානයෙන් යෙන් බිලියන 100ක මුල්‍ය පහසුකම් ලබා ගැනීමටත්,ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඒකාබද්ධව සිදු කරන ආයෝජන මගින් උතුරේ මහා මාර්ග අලුතින් ඉදි කිරීමටත් රජය පියවර ගෙන තිබේ. මිට අමතරව කොළඹ සිට නව කැළණි පාලම දක්වා කුළුණු මත ඉදිවන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමට මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වන කොටසේ වැඩ අවසන් කිරීමට ද උපදෙස් ලබා දී තිබෙනවා.
එසේම හැටන් – නුවරඑළිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම, පානදුර මුහුදු බඩ මාර්ගය දීර්ඝ කිරීමේ කටයුතු මෙන්ම දිවයින පුරා ග්‍රාමීය ප්‍රදේශ ආශ්රිත මාර්ග වල නව පාලම් 46ක් ඉදිකිරීමටත්, සෙසු ග්‍රාමීය මාර්ග කඩිනමින් නවීකරණය කිරීම යන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට කටයුතු යොදා තිබේ.
අදාළ අමාත්‍යංශ සම්බන්ධීකරණය කරමින් ඊට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.