ජපානයේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් අට දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පනහකට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ජල ගැලිම් සහ නායයාම් තත්ත්වයක් ද හටගෙන තිබෙනවා. නායයෑමෙන් ජපානයේ නිරත දිග ප්‍රදේශයේ මාර්ග රැසක් අවහිර වුණා. එම ප්‍රදේශ වලට අනතුර ඇඟවීමේ නිවේදන ද නිකුත් කර තිබෙනවා.