පන්නිපිිටිය දෙපානම ප්‍රදේශයේ පියෙකු ඝාතනය කළ පුත්‍රයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම – බොල්ගොඩ ඇලේ සැක කටයුතු ලෙස මියගිය පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි විමර්ශන ආරම්භ කළේ. මියගොස් ඇත්තේ පන්නිපිටිය දෙපානම පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්. ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ 22 හැවිරිදි සහ 28 හැවිරිදි පුත්‍රයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා. පවුල් ආරවුලක් මත ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වි තිබෙනවා. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නෙ.