සුළඟේ වේගය වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කළා. දින දෙකක් එය බලපැවැත්වෙන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා සදහන් කළේ. ප්‍රදේශ කිහිපයකට වැසි ඇදහැලෙන බවයි නිමල් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නෙ.
දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතිනවා. මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි වැසි වාර කිහිපයක් ඇති වනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ අගයක් ගනී. පුත්තලම සිට කොළඹ, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි. සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකියි.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතිනවා. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇතිවිය හැකියි. මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත් වලත් මොණරාගල සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40-50 පමණ තරමක් තද සුළං ඇති විය හැකියි.