හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිදුකරන විනය පරීක්ෂණය සදහා සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ අමාත්‍ය තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් ඇතුලත්.
පරික්ෂණ කමිටුව රැස්වීමට ඉදිරි දින කිහිපයේදී වාර්තාවක් සකස් කරන බවයි ITN කළ විමසීමකදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ. මේ අතර මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශය ඇතුලත් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අපරාධ නිවාරණ කොට්ඨාසයට ලබාදෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා රූපවාහිනි නාලිකා පහකට අද (06) නියෝග කළා. ඒ විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී.