ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උදය ආර් සෙනෙවිරත්න මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස අද (06) වැඩ භාර ගත්තා. ඒ මහතා පත්වූයේ ධූරයෙන් ඉවත් වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ පුරප්පාඩුවත් සමගයි.
උදය ආර් සෙනෙවිරත්න මහතා වසර 26 ක් සිවිල් පරිපාලන නිලධාරියෙකු ලෙස රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ගණනාවක කටයුතු කර තිබෙනවා. වත්මන් රජය යටතේ අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයකු ලෙස ද ඒ මහතා කටයුතු කළා. ඊට මහවැලි සංවර්ධන හා පරිසර ,සෞඛ්‍ය, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ යන අමාත්‍යාංශ ද අයත්.