හෙට (07) උදෑසන නවයේ සිට සවස හය දක්වා පැය නවයක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.
කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය සහ කොළඹ 5 ප්‍රදේශයට මේ අනුව හෙට (07) පෙරවරු නවයේ සිට සවස හය දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ. කොළඹ 4, 6, 7, 8 සහ මහරගම හා බොරලැස්ගමුව බල ප්‍රදේශවලට මෙම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.
මේ අතර කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දියේ සිට ඉබ්බගෙවත්ත හංදිය දක්වා මාර්ගයේ ගමනාගමනය අද (06) රාත්‍රී 9 සිට හෙට (07) අලුයම 5 දක්වා සීමා කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ මෙම ප්‍රදේශයේ ජල නල එළීම සදහා කැනීම් කටයුතු හේතුවෙනුයි.