දිවයින පුරා ගොවි ජනතාව සම්බන්ධ කරමින් නව ජාලයක් පිහිටුවීමට හදබිම අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ගොවින්ගේ අස්වනු මිළදී ගැනීම , අළෙවි කිරිම සහ ඍජුව ගොවින්ට අවශ්‍ය බීජ පැළ , පොහොර ලබාදීමයි වැඩසටහනේ අරමුණ. ඒ අනුව සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් මට්ටමින්නම හදබිම සමුපාකාර සමිති පිහිටුවන බවයි සභාපති ඉන්දික සමන් කුමාර මහතා ප්‍රකාශ කළේ. එමගින් ප්‍රාදේශීය වශයෙන් ගොවින් සිදු කරන එළවළු වගා , ගෙවතු වගා, සත්ත්ව පාලනය ඇතුළු ක්ෂේත්‍ර සදහා ඍජුව මැදිහත්වීමයි අරමුණ. ගොවින්ට අවශ්‍ය පුහුණුව සහ බීජ පැළ, පොහොර ලබාදීම සිදු කරන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නෙ.
ගොවින්ගෙන් මිළදී ගන්නා කෘෂි ද්‍රව්‍යයන් හදබිම අළෙවිසැල් මගින් දිවයින පුරා බෙදා හැරීමයි සැළසුම. ඊට යෝග්‍ය පරිදි නව අළෙවිසැල් සියයක් ආරම්භ කරන බව ඉන්දික සමන් කුමාර මහතා ප්‍රකාශ කළා. ග්‍රාම නිලධාරි මට්ටමින් පිහිටුවන හදබිම සමුපකාර සමිති සදහා ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී සහ හදබිම නිලධාරියා නිල බලයෙන් ඇතුලත්. ඊට අමතරව ප්‍රදේශයේ ගොවින් තුන් දෙනෙක් හදබිම සමුපාකාර සමිති නිලධාරි මණ්ඩලයට ඇතුලත් කරනවා. ග්‍රාම නිලධාරි වසමේ පදිංචි ගොවින්ගේ නිෂ්පාදන කටයුතු වලට දායක වීම, ඒවා මිළදි ගැනිම, පුහුණුව සහ ආධාර සැපයීම එම කමිටුව මගින් සිදු කිරිමයි සැළසුම. කොම්පෝස්ට් පොහොර භාවිතය සදහා ගොවින් යොමුකිිරිමද වැඩපිළිවෙලට ඇතුලත් බවයි ඉන්දික සමන් කුමාර මහතා සදහන් කළේ.