ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඉල්ලා අස්විමේ ලිපිය ලේකම්වරයා පසුගිය මාසයේදි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාට යොමුකර තිබෙනවා. ඒ අනුව අද (05) සිට ඔහු ධුරයෙන් ඉල්ලා අස්වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමින් සිටි ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ධුරයට පත්වන්නේ පසුගිය වසරේ ජුලි මාසයේ දීයි. ඒ හිටපු ජනාධිපති ලේකම් පී බී අබේකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුවයි. ඔස්ටින් ප්‍රනාන්දු මහතා කීර්තිමත් පරිපාලන නිලධාරීයෙකු වන අතර හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු ද වනවා. එමෙන්ම රාජ්‍ය සේවයේ තනතුරු රැසක් හෙබවූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකවරයෙකු ලෙසද 2015 වසරේ ජනවාරි මස 15 වන දින පත්කෙරුණා.