බොලිවියා ජනාධිපති එවෝ මොරාලෙස් පිළිකා රෝගය හේතුවෙන් සැත්කමකට භාජනයට කර තිබෙනවා. 58 හැවිරිදි මොරාලෙස් බොලිවියාවේ නායකත්වයට පත් වුණේ 2006 වසරේදී.
කෙසේ වෙතත් තමන්ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව මොරාලෙස් සිය ට්විටර් ගිණුමෙහි සදහන් කර තිබෙනවා. මෙය කුඩා පිළිකා තත්ත්වයක් වන අතර ඉන් දැඩි බලපෑමක් ඇති නොවන බව වෛද්‍යවරුන් පවසනවා.