ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පවතින නීතිය යටතේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා අභියාචනාධිකරණයට අද (4) දැනුම් දුන්නා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 31 වනදායි. එහෙත් ඊට අධිකරණයෙන් වාරණයක් පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ නිසි බලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා පත්කෙරුණා.
අලුතින් පත්කරන නිලවරණ කමිටුවක අධීක්ෂණය යටතේ නිලවරණය පැවැත්වීමට මෙම නඩුව අද (4) කැඳවූ අවස්ථාවේ ලේකම්වරයා යෝජනා කර තිබෙනවා. මේ අතර ඉදිරි මාස හය තුළ ක්‍රිකට් නිලවරණය නොපවත්වන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා ඇති බව ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අධිකරණයට දැනුම් දුන්නා. මෙම පෙත්සමට සම්බන්ධ සියලු පාර්ශ්වවල එකගතාව මත අතුරු තහනම් නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීරණය කළා.