සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ටෙනිස් තරගාවලියේ ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය දිනාගත්තා. එහි බාලිකා ශූරතාව හිමිවූයේ කොළඹ කාන්තා විද්‍යාලයටයි. ජාතික ටෙනිස් සංගම් මූලස්ථානයේ පැවති තරගාවලියට පළාත් තුනක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 170 දෙනෙකු සහභාගිවී සිටියා. එහි බාලක ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය දිනාගනිද්දී අනුශූරතාව හිමිවූයේ කොළඹ ආනන්ද විද්‍යාලයටයි. තුන්වන ස්ථානය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය දිනාගත්තා. බාලිකා අංශයේ ශූරතාව හිමිවූයේ කොළඹ කාන්තා විද්‍යාලයටයි. එහි අනු ශූරතාව කොළඹ විශාඛා විද්‍යාලය දිනාගනිද්දී තුන්වන ස්ථානය මීගමුව ආවේමරියා විද්‍යාලය හිමිකර ගත්තා.