ජපානය සතු විශාලතම හෙලිකොප්ටර් නවතා තැබිය හැකි කාගා නෞකාව දකුණු චීන මුහුදට සහ ඉන්දීය සාගර කලාපයට යොමුකිරීමට සැලසුම්කර තිබෙනවා. මෙම නෞකාවේ දිග මීටර් 248 ක් වනවා. නෞකාව ලබන සැප්තැම්බර් මාසයේ මෙම සංචාරය ආරම්භ කිරීමට නියමිතයි. එය අදාළ මුහුදු කලාපයේ මාස දෙකක කාලයක් සංචාරය කිරීමටයි සැලසුම්කර ඇත්තේ. එම සංචාරයේ දී කාගා නෞකාව ඉන්දුනීසියාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රටවලට පැමිණෙනු ඇති. මෙම නෞකාව සිදුකරන සංචාරයේදී රටවල් කිහිපයක් සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීමට ද නියමිතයි.