දිවයින පුරා පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අප වාර්තාකරුවන් පවසනවා. වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක නිරත වන බව පැවසුවද දිවයිනේ සියලුම පාසල් අද දිනයේ විවෘතව පවතිනවා.
අද දිනයේදී පාසල් පැවැත්වෙන්නේ නැති බවට වෘත්තීය සමිතියක් මෙන්ම ඇතැම් මාධ්‍ය ආයතන ද අසත්‍ය ප්‍රචාර ගෙනගියා. එහෙත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දිගින් දිගටම අවධාරණය කළේ අද දිනයේදී කිසිදු පාසලක් වසාදමන්නේ නැති බවයි. සුපුරුදු පරිදි දිවයිනේ සියලුම පාසල් විවෘතව තැබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළා. ඒ අනුව අද දිනයේ කිසිදු පාසලක් වසාදමා නැති බව දිවයින පුරා අප වාර්තාකරුවන් ද තහවුරු කළා.
මේ අතර පාසල් ආපන ශාලා ද කිසිදු බලපෑමකට යටත් නොවී අද දිනයේදී විවෘත කිරීමට පියවර ගත් බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
අසේල සම්පත් – ජාතික සංවිධායක – ආපන ශාලා හිමියන්ගේ සංගමය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=6asyPbHRros&feature=youtu.be”]
පාසල් වසා දැමීමට කඩාකප්පල්කාරීන් ගත් උත්සාහ අසාර්ථක වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=bYdrcbKqrVE&feature=youtu.be”]
මේ අතර ගුරු සංගම් රැසක්ම ඊයේ දිනයේදී ප්‍රකාශ කළේ ඊනියා වැඩවර්ජනවලට තම සංගම් සහාය දෙන්නේ නැති බවයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=AirLcAQXndg&feature=youtu.be”]
මේ අතර කඩාකප්පල්කාරීන්ගේ ලෙඩ නිවාඩු ක්‍රියාමාර්ගයට අධ්‍යාපන වෘත්තීය ප්‍රජාව එක් නොවූ බව වැඩ වර්ජනය අසාර්ථකවීම තුළින්ම පෙනී යන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පෙන්වා දෙනවා.
අමාත්‍ය අජිත් පී පෙරේරා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=8tSPAnhGXC8&feature=youtu.be”]