හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා මිහින් ලංකා ගුවන් සමාගමට රුපියල් මිලියන 833 ක අලාභයක් සිදු කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ලබන මස 28 වනදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය දින ලබා දුන්නා.
මිහින් ලංකා ප්රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළ අවධියේ පුද්ගලික සමාගමක් සමග මෙහෙයුම් උපකරණ මිලදී ගැනීමේ ගිවිසුමට එලැඹීමෙන් එම ගුවන් සමාගමට අලාභයක් සිදු කර ඇති බවටයි සජින් වාස් ගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. අල්ලස් කොමිසමයි මෙම නඩුව පවරා තිබෙන්නේ.