තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායමක පිරිමි ළමයින් දොළොස් දෙනා සහ පුහුණුකරු සොයා ගැනීමට මුදාගැනීමේ අංශ සමත් වුණා. ඔවුන් වයස අවුරුදු 11ත් 16ත් අතර පසුවන්නන්. තායිලන්තයේ චියැංරායිහි පිහිටි ගුහාවක් තුළයි ඔවුන් අතරමං වී සිටියේ.
ඔවුන් සියලු දෙනාම ආරක්ෂිතව සිටින බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. ඔවුන් පසුගිය 23 වනදායි අතුරුදන් වුණේ. දින 9කට ආසන්න කාලයක් ඔවුන් ගුහාව තුළ සිරවී සිටියා. මෙම සෝදිසි මෙහෙයුම් සදහා එක්වුණු බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකුට මෙම දරුවන් ගුහාව තුළින් සොයාගැනීමට හැකි වුණා. එම දරුවන්ට ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතිනවා. එම ළමුන් සහ පුහුණුකරු සොයා සිදු කළ මෙහෙයුම් සදහා ඇමෙරිකාව ,එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු ජාත්‍යන්තර විශේෂඥයන් සහ කිමිදුම්කරුවන් එක්වුණා. අධික වාර්ෂාව හේතුවෙන් මඩ සහ ජලය ගලා ඒම නිසා සිරවූ පිරිස එයින් පිටතට ගැනීමට අසීරු වූ බවයි තායිලන්ත සහන කණ්ඩායම් සඳහන් කළේ. ජලය ඉවත් කිරීමෙන් පසු ඔවුන් පිටතට ගෙන ඒමට කටයුතු කරන බවටද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.