තායිලන්තයේ ගුහාවක් තුළදී අතුරුදන් වූ යොවුන් පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් සහ පුහුණුකරු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.උතුරුදිග තායිලන්තයේ චියැංරායි ප්‍රදේශයේ ගුහාවක් තුළ මෙම පිරිස අතුරුදන් වුණේ පසුගිය 23 වනදායි.
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඔවුන් මෙම ගුහාව තුළට ගොස් සිරවී සිටින බවටයි සැක පළ කෙරෙන්නේ. වයස අවුරුදු 11 ත් 16 ත් අතර දරුවන් 12 දෙනෙකු සහ 25 හැවිරිදි ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු මෙලෙස අතුරුදන්වී සිටිනවා.අතුරුදන් පිරිස සෙවීමේ මෙහෙයුම් සදහා ජාත්‍යන්තර මෙහෙයුම් කණ්ඩායම්ද එක්ව සිටිනවා.