21 වන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ස්පාඤ්ඤය සමග පැවති තරගයෙන් ජයගනිමින් ආර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක රුසියාව සමත් වුණා. ඉතිහාසයේ පළමු වරටයි ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට රුසියාව සුදුසුකම් ලබා ගත්තේ.
මෙම තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා ගෙන සිටියා. අනතුරුව ලබා දුන් අතිරේක කාලයන් දෙකේදීම ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අපොහොසත් වුණා. 2010 වසරෙන් පසුවයි ලෝක කුසලාන පාපන්දු තරගාවලියක තරගයක් මෙලෙස අතිරේක කාලය දක්වා පැවැත්වුණේ. දඩුවම් පහර මගිනුයි ජයග්‍රහණය තීරණය වුණේ.
එහිදී දඩුවම් පහර 03ක් ස්පාඤ්ඤය සාර්ථක කරගනිද්දී දඩුවම් පහර 04 ම රුසියාව සාර්ථක කරගැනීමට සමත් වුණා. මේ අතර තරගාවලියේ ඩෙන්මාර්කය සමග පැවති තරගයෙන් ක්‍රොයේෂියාව ජයගත්තා. මෙම තරගයේදී ද ගෝල 1ට 1ක් ලෙස නියමිත කාලය අවසන් වීමෙන් පසු ලබා දුන් දඩුවම් පහර ගෝල 03 ට 02 ක් ලෙස සාර්ථක කරගනිමිනුයි ක්‍රොයේෂියාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ. 1998 වසරෙන් පසුවයි ඔවුන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අර්ද අවසන් පූර්ව වටයට පැමිණියේ.