Harry Potter චිත්‍රපට මාලාවේ නවතම කතාංගය ඇතුළත් පුර්ව ප්‍රචාරකපටය මේ වන විට අන්තර්ජාලයට එක කර තිබෙනවා. එය Harry Potter and the Cursed Child ලෙසයි නම් කර ඇත්තේ. 2019 දී තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයේ වැඩකටයුතු බොහොමයක් මේ වන විට අවසන්ව තිබෙනවා. මෙය සිනමා ශාලාවල පෙන්වීමට සමගාමීව වේදිකාව මත ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු සූදානම්ව පවතින බවටයි වාර්තා වන්නේ.
මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන එමා වොට්සන් විසිනුයි. ඇයට මෙම චරිතය ලැබුණේ Harry Potter චිත්‍රපට මාලාවේ දිගහැරුනු හර්මනි ග්‍රේන්ජර් චරිතය ඔස්සේ යි. එතැන් පටන් ප්‍රේක්ෂක ජනතාවගේ නොමද ආදරයට පත්‍ර වූ ඇයට මෙම නව චිත්‍රපටය තිරගත වීමෙන් පසුව ද විශාල ජනතා ප්‍රසාදයට ලක් වෙනු ඇත.
කුතුහලය පිරි ළමා පරපුරේ වීර කතාවක් වන Harry Potter නවතම චිත්‍රපටය ඉදිරියේ දී ලොව පුරා සියලු ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමේ හැකියාව පවතිනවා.