Life+News The Official News Portal of Independent Television Network Ltd

අලිවැට කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2018 15:42

අලිවැට කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

දිවයින පුරා ස්ථාන රැසක ඉදිකිරීමට නියමිත කිලෝමීටර් දෙදහස් පන්සියයක් වන අලිවැට ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාල අංශවලට උපදෙස් ලබාදුන්නා.

ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ අලිවැට නඩත්තු කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි. අලි වැට ඉදිකිරීම ක්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ ආරම්භ කරන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ. අලි මිනිස් ගැටුම වළක්වා ගැනීමේදී අලි වැට නිසි පරිදි නඩත්තු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා අඩුපාඩු සහිත සහ අක්‍රීයවී ඇති විදුලිවැට කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළා. එහි නඩත්තු කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 1860 ක් යොදවා ඇති බවත් දිවයින පුරා පවතින කිලෝමීටර් හාරදහසක අලි වැට වෙනුවෙන් මෙම පිරිස ප්‍රමාණවත් නොවන බවද මෙහිදී අවධාරණය කෙරුණා. ඒ අනුව ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබාදුන්නේ පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙසයි.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2018 15:42
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්