ක‍්‍රිීඩාව ගමට ගෙනයාමේ නව සැලසුම් රැසක් සකස්කර තිබෙනවා. එහි ශක්තිය ක්‍රීඩා නිලධාරීන් සහ පුහුණුකරුවන් බවයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කළේ. ඒ ක්‍රීඩා විද්‍යායතනයේ ක්‍රීඩා කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ නිලධාරින්ට සහතික පත් පිරිනැමීමේ උත්සවයට අද(29) එක්වෙමින්. රට ජය ගැනීමට ක්‍රීඩා ජයගත යුතුය යන මානසිකත්වයෙන් රාජකාරී ඉටුකරන ලෙසට අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා.