ශ්‍රී‍්‍ර ලංකාව හා පාකිස්ථානය අතර යුද හමුදා පුහුණු කටයුතු වැඩිකිරිමට සැළසුම් කර තිබෙනවා. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානි ජනරාල් සුහායිර් මහමුද් හයාත් මහතා ඒ පිළිබදව සාකච්ඡා කළා. ති‍්‍රවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගේ පුහුණුව සඳහා කොල්ලුපිටියේ ඉදිවන ආරක්ෂක විද්‍යාලයේ කටයුතු පිළිබදව ද සාකච්ඡා කර තිබෙනවා. ලබාදෙන සහය පිළිබදව ජනාධිපතිතුමා පාකිස්ථානයට සිය ස්තූතිය පළකළා. දින හතරක නිල සංචාරයක් සදහා යි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානියා ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණියේ.