ඉන්දීය ගුවන් යානයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා. සැහැල්ලු ගුවන් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. නියමුවන් දෙදෙනා දිවි බේරාගැනීමට සමත්වුණා. ද්විත්ව එන්ජිමක් සහිත ගුවන් යානය නිෂ්පාදනයෙන් පසු අභ්‍යාසවල නිරතවන අවස්ථාවේදී මෙසේ අනතුරට මුහුණ දී ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. එය නිපදවා ඇත්තේ ඉන්දීය ගුවන් හමුදාවට ලබාදීමේ අරමුණෙන්.