එන්ගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ වෙරළබඩ ප්‍රදේශයක ලැව් ගින්නක් හටගෙන තිබෙනවා. ප්‍රදේශයේ ජනතාව වහා ඉවත් කිරීමටයි එරට ආරක්ෂක අංශ පියවර ගත්තේ. ලැව් ගින්න සමග සෞඛ්‍ය ගැටලු මතුවිය හැකි බවද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
එන්ගලන්තයේ මැන්චෙස්ටර් ආසන්න ප්‍රදේශවල පවතින අධික උෂ්ණත්වය සමග මෙම ලැව් ගින්න ඇති වූ බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. මෙම ලැව් ගින්න ව්‍යාප්ත වීමේ අවදානමක් ද මතුව තිබෙනවා.