Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තාවට ජීවය දී මරණයට කැපවුණු තස්ලිමා

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2018 17:17

කාන්තාවට ජීවය දී මරණයට කැපවුණු තස්ලිමා

තස්ලිමා නස්රීන් මුස්ලිම් ලෝකයේ පහරදීම්වලට ලක්වූ අභීත ලේඛිකාවක්. 1962 බන්ගලාදේශයේ උපන් තස්ලිමා, කිවිදියක ලෙස ද නව කතාකාරියක ලෙස ද ප්‍රසිද්ධියක් උසුලයි. සාහිත්‍ය ක්ෂේත්‍රයට තස්ලිමාගේ ආගමනය සිදුවුණේ   1980 දී යි. 1986 දී වෛද්‍ය උපාධිය දිනාගත් තස්ලිමා 1994 දක්වා රජයේ  වෛද්‍යවරියක ලෙස සේවය කොට තිබෙනවා. ඇගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය  Shikore Bipul 1986 දී එළි දැක්වූ අතර එය ඇගේ ජීවිතය වෙනස් කරන්නට සමත් වූවක්. නමුත් ඇගේ අභීත සාහිත්‍ය  ව්‍යාපාරය නිසාවෙන් ඇයට සැඟවුණු ජීවිතයක් ගතකිරීමට යි සිදුව තිබෙන්නේ.

අගේ ප්‍රථම වෘතාන්ත කතාව වූ ලජ්ජා ග්‍රන්ථයට පදනම වනුයේ මුස්ලිම් පුද්ගලයකු විසින් හින්දු ගැහැණු ළමයකු අපයෝජනයට ලක්කරන කතා පුවතක්. එම ග්‍රන්තය හරහා ඇය කාන්තාවකගේ ගෞරවය, ඇයට සිදුවන අසාධාරණකම් හා කාන්තා අයිතිවාසිකම්  පිළිබඳව  ගැඹුරින් කථා කර තිබෙනවා. මෙම ග්‍රන්ථය පිටවීමත් සමඟ මුස්ලිම් මූලධර්මවාදී කණ්ඩායම් විසින් ඇයට මරණ දඩුවම නියම කර තිබෙන්නේ මරණ දඬුවමයි. ඒ හේතුවෙන් 1994 දී තස්ලිමා තම මව් රටින් පිටව තිබෙනවා. ඉන්දියාවේ ටික කාලයක් නැවතී සිට පසුව ස්වීඩනයේ ජීවත්වීමට තීරණය කළ ඇය තවමත් ස්වීඩනයේ අප්‍රකට ජිවිතයක් ගත කරන බවටයි වාර්තා වන්නේ. අද වනවිට ඇයට එල්ල වී ඇති මරණීය තර්ජන හා ඇය පසුපස ලුහුබඳින කණ්ඩායම් විසින් ඇයට ඇගේ ගෘහයම  සිරගෙයක් කර තිබෙනවා.

තස්ලිමා ලියූ නවකතා ලෙස Oporpokkho (The Opponent) 1993 Shadh(Revenge) 1992 Nimotron( Invitation)1993 Phera(Return)1993 Bhromor  Koio Gia(Tell Him The Secret) 1994 Forashi Premok (French Lover)  ප්‍රධාන කෘති  අතර වෙයි.

තස්ලිමා තවමත්  ගතකරන්නේ රහසිගත ජීවිතයක්. කෙසේ නමුත් ඇගේ සාහිත්‍ය  ව්‍යාපාරය ඉදිරියටත් පවතිවා යි යන්න ප්‍රබුද්ධ සහෘදයන්ගේ ඒකායන පැතුමයි.

-ශානිකා රත්නායක-

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2018 17:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්