අගමැති කුසලාන පිලිමලුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් වුණා. ඒ පළමු අවසන් පුර්ව තරගයේදී කොටහේන සාන්ත බෙනඩික් විදුහල පරාජය කරමින්. සුගතදාස ක්රීඩා පිටියේ පැවති තරග ආරම්භයේ දී ඉදිරියෙන් සිටියේ බෙනඩික් විදුහලයි.
පළමු අර්ධය නිමා වන විට බෙනඩික් විදුහල ලකුණු 17 ක් ලබා ගනිද්දී තර්ස්ටන් විදුහලට ලබා ගත හැකි වූයේ ලකුණු 05 ක් පමණයි. එහෙත් දෙවන අර්ධයේදී ආක්රමණශීලී තරග රටාවක නිරත වූ තර්ස්ටන් ක්රීඩකයින් තරගය නිමා වන විට ලකුණු 37 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වන විට බෙනඩික් විදුහලට ලබා ගත හැකිව තිබුනේ ලකුණු 31 ක් පමණයි.