සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරගාවලියේ අවසන් දිනය අදයි.බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000 කට අධික පිරිසක් එක්ව සිටිනවා.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙනුයි තරගාවලිය පැවැත්වෙන්නේ. දින දෙකක් පුරා පැවති මෙවර තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ දක්ෂතා පෙන්වා තිබෙනවා. ජාතික පාසල් මලල ක්‍රීඩා සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේයි තරගාවලිය පැවැත්වෙන්නේ.