දශක තුනකට ආසන්න කාලයක් පනවා තිබූ තහනම ඉවත් කරමින් සෞදි කාන්තාවන්ට වාහන පැදවීම සදහා අවසර හිමි වුණා.ඊයේ මධ්‍යම රාත්‍රිය පසු වනවාත් සමග තම වාහනවල නැගී සෞදි කාන්තාවන් තමන්ට වාහන පැදවීම සදහා අවසර ලබාදීමේ ප්‍රීතිය සැමරුවා.
මොටර් බයිසිකල් පැදවීම සදහා ද සෞදි කාන්තාවන්ට මෙසේ අවසර හිමිව තිබෙනවා. සෞදි රජු වන මොහොමඩ් බින් සල්මාන් රජුගේ තීරණයකට අනුවයි කාන්තාවන්ට වාහන පැදවීම සදහා තිබූ තහනම ඉවත්කරනු ලැබුවේ. වසර 2020 වන විට සෞදියේ කාන්තා රියදුරුවරියන් මිලියන 03ක් පමණ වනු ඇති බවටයි මත පළ වන්නේ. කෙසේ නමුත් සල්මාන් රජුගේ මෙම තීරණයට විරුද්ධව සෞදියේ ආගමික නායකයින් කිහිපදෙනෙකු හා සිවිල් ක්‍රියාකාරකයින් විරෝධය පළ කර ඇති බවද විදෙස් වාර්තා සදහන් කරනවා.