සබරගමුව පළාතේ විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්රික්කවලසිහින් වැසි ඇති විය හැක. දිවයිනේ ඌව පළාතේ සහ මාතලේ, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට හමන තරමක තද සුළං(පැ.කි.මී. 40-45පමණ) ඇති විය හැක.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක්ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. පුත්තලම සිට මන්නාරමහරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැකි අතර, පුත්තලම සිට මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.