මාතර ස්වර්ණාභරණ අලෙවි සැල කොල්ලකෑමට උත්සාහ දැරීමේදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබෙනවා. වැඩබලන පොලිස්පති සී ඩී වික්රමරත්න මහතා මෙම උසස්වීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ස්වර්ණාභරණ අලෙවි සැල කොල්ලකෑමට පැමිණි ප්රධාන සැකකරු වන කොස්ගොඩ තාරක නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ මව ද ඒ අතර වන බවයි පොලිසිය පවසන්නේ. ඇගේ නිවසේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සොයාගෙන තිබෙනවා.