Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔලිම්පියන්ස් රන්ස් මැරතන් තරඟයට දෙදහසකට වැඩි පිරිසක්

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 16:02

ඔලිම්පියන්ස් රන්ස් මැරතන් තරඟයට දෙදහසකට වැඩි පිරිසක්

ඔලිම්පියන්ස් රන්ස් මැරතන් තරඟය මහනුවරදී පැවැත්වුණා. ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව ප්‍රථම වරටයි මෙම තරඟය සංවිධාන කළේ. ක්‍රීඩාව කෙරෙහි පාසල් දරුවන් යොමු කරවීම හා ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් ඔප් නැංවීම මෙහි අරමුණයි. මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ සිට ගැටඹේ ක්‍රීඩාංගනය දක්වා කිලෝමීටර හතරහමාරක දුරක් මැරතන් ධාවන තරඟය පැවැත්වුණා. මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් ද ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් දෙදහසකට වැඩි පිරිසක් ද ඉතා උද්‍යෝගයෙන් මෙම තරගයට සහභාගි වුණා.

ජාත්‍යන්තර ක්‍රීඩා තරග නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනෙකු ද ධාවන තරගයට එක්ව සිටීම විශේෂත්වයක්. තරගයේ සමාරම්භක අවස්ථාවට හා සමාප්ති උලෙළලට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුලු පිරිසක් සහභාගි වුණා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 16:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්