රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 10ට පෙර සියලුම සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත්ව යන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දී තිබුණා.
සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලට ඇතුළු වී බලහත්කාරයෙන් රැදී සිටීම විශ්වවිද්‍යාලය වසා දැමීමට හේතුවයි. රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ දැනට පන්ති තහනමට ලක්ව සිටින සිසුන් දොළොස් දෙනෙකු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවට උප කුලපතිවරයා වෙනුවට වැඩබලන උපකුලපතිවරයා ඊට සහභාගීවීම සිය විරෝධයට හේතු වූ බවයි.
රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාගෙන් අප මේ පිළිබදව දුරකතනය ඔස්සේ විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ තමන් විදේශගතවන බැවින් සිසුන් සමග පැවති සාකච්ඡාවට ද වැඩබලන උපකුලපතිවරයා යොමු කළ බවයි. කෙසේ වෙතත් සිසුන් ඊට අකමැති වීම නිසා තමන් දිවයිනට පැමිණි පසු වෙනත් දිනයක් ඔවුන්ට ලබාදුන් බවද ඔහු ප්‍රකාශ කළා. එහෙත් එය නොතකා සිසුන් පරිපාලන ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රැදී සිටීමට ගත් ක්‍රියාමාර්ගය නිසා විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බවද උපකුලපතිවරයා පැවසුවා.