බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් අතුරුදන්වූ චීන ජාතික කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව පොලිසිය පවසනවා.විදේශිකයන් පිරිසක් ගමන් කළ මෙම බෝට්ටුව අනතුරට ලක්වුණේ ඊයේ පස්වරුවේයි.
කටුගස්තොට ගොහාගොඩ ප්‍රදේශයේ දී මහවැලි ගඟේ ගමන් කරමින් සිටිය දීයි අනතුර සිදුව ඇත්තේ. සෞදි අරාබි, දෝහා කටාර් සහ චීන ජාතිකයන් එහි ගමන් කරමින් සිට තිබෙනවා. බෝට්ටුව පෙරලීමෙන් අතුරුදන්ව ඇති චීන ජාතික කාන්තාව සොයා පොලිසිය, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව මේ වන විටත් මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.