බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.දිවයිනේ උතුර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල විටින් විට හමන තරමක තද සුළං (පැ.කි.මී. 40-50පමණ) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ උතුරු සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං (පැ.කි.මී. 60-70 පමණ) ඇති විය හැක.පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 35-45 ක් පමණ වේ.පුත්තලම සිට මන්නාරමහරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 -70 දක්වා වැඩිවිය හැකි අතර පුත්තලම සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැක.හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.සෙසුමුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. 50 දක්වාවැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තරමක්රළු විය හැකි අතර ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.