ඇමරිකා ඒකාබද්ධ හමුදාව සිරියාවට යළි ගුවන් ප්‍රහාර එල්ල කළා. ඉන් අයිඑස් ත්රස්තවාදීන්ගේ ප්‍රධාන පෙලේ නායකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු සංවිධානයට අරමුදල් රැස් කිරිමේ ප්‍රධානියෙක් ලෙසටයි කටයුතු කර තිබෙන්නේ. ප්‍රහාරවලින් ත්රස්තවාදීන්ගේ මධ්‍යස්ථාන රැසකට ද හානි සිදුව තිබෙනවා. ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරිමේ මෙහෙයුම් සිදුකරන බවයි ආරක්ෂක අංශ පවසන්නේ.