ඇමරිකාව සංක්‍රමණික කඳවුරක් වීමට ඉඩ දෙන්නෑ
Related Articles
ඇමරිකාව සංක්‍රමණික කඳවුරක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට ද ඔහු උපදෙස් ලබාදි තිබෙනවා. අනවසර සංක්‍රමණිකයන් හේතුවෙන් ගැටලු රැසක් මතුවුණා.
මේ වන විටත් එහි බලපෑම් යුරෝපයට එල්ලවී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නෙ. ඇමරිකාවට ද එවැනි තත්ත්වයක් උදාවීමට ඉඩදීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ජගත් මානව හිමිකම් කවුන්සලයේ දැඩි විවේචනයට ලක්වුණා. පසුගිය දිනවල දරුවන් දෙදහසකට වැඩි පිරිසකට දෙමව්පියන්ගෙන් වෙන් වීමට සිදුව තිබෙනවා. ඒ ඇමරිකා – මෙක්සිකෝ දේශ සීමාවේදි සංක්‍රමණිකයන් රඳවා ගැනීම හේතුවෙන්.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment