ශ්‍රී‍්‍ර ලංකා කොදෙව් දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලුකුණු 253ක් පමණයි.
දිනේෂ් චන්දිමාල් නොදැවි ලකුණු 119 ක් ලබා ගත්තා. පළමු ඉනිම සඳහා කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 300 ක්. ඩෙවෝන් ස්මිත් ලකුණු 61 යි. දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 342 ක් ලබා ගත්තා. ඒ අනුව ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට හිමිවු ඉලක්කය ලකුණු 296 ක්. දිනය අවසන් වන විට ඔවුන් කඩුලු පහකට රැස්කළේ ලකුණු 147ක් පමණයි.