පරිගණකය භාවිතය තුළින් ඡන්දය සලකුණු කිරීම හා කෙටි කාලයක් තුළදී ඡන්ද ප්‍රතිඵල නිවැරදිව ඉදිරිපත් කිරීමට හැකි වන ආකාරයේ පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කිරීමට සිසුවෙකු සමත්ව සිටිනවා. ඒ කොළඹ මහානාම විද්‍යාලයේ 13 වසර කලා අංශයේ ඉගෙනුම ලබන රුසිරු විජේතිලක ශිෂ්‍යායි. ඔහුගේ නිර්මාණය නව නිර්මාණ තරගාවලි කිහිපයකදීම ජයග්‍රහණය කර තිබෙනවා.
කොළඹ මහානාම විද්‍යාලයේ දෙවන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ ආරම්භක උත්සවය අමතමින් රුසිරු විජේතිලක ශිෂ්‍යයා මෙම අදහස් පළ කළා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ කොළඹ දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පී ඒ එස් සේනාරත්න මහතායි. විද්‍යාලයේ යොවුන් පාර්ලිමේන්තුව සඳහා තෝරාපත්කරගත් සිසුන්ට නිල ලාංඡන පැළඳවීම ආරාධිතයින් අතින් සිදුකෙරුණා.
රුසිරු විජේතිලක,
[ot-video type=”youtube” url=”https://youtu.be/V0ynlG6t3mM”]