ආයතන 837 ක් සම්බන්ධයෙන් 2016 වසරට අදාළ ගිණුම් විස්තර ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කිරීමට නියමිත බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
සභාගත කිරීමට නියමිත වාර්තාවෙහි ආයතන 837 කට අදාළ ගිණුම් විස්තර ඇතුළත් කර තිබෙනවා. 2015 වසරට අදාළව ඉදිරිපත් කර ඇති වාර්තා සංඛ්‍යාව 5 ක්. පෙර වසරට අදාළ ගිණුම් විස්තර ඇතුළත් වාර්තා ඊළඟ වසර අවසානයට පෙර ඉදිරිපත් කිරීම අපේක්ෂාව බවයි සභාපතිවරයා පවසන්නේ. මේ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීමට රාජ්‍ය ආයතන ජාලගත කර තිබෙනවා. දුර්වලතා අවම කර ගනිමින් මාස 2 ක් තුළ සම්පූර්ණ ක්‍රියාවලිය සියයට සියයකින්ම ක්‍රියාවට නැංවීම ඉලක්කය බව ද අලගියවන්න මහතා සඳහන් කළා. රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අමතමින්.