බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම තරගයේ හතරවන දිනය නිමා වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 334 ක් ලබා සිටිනවා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකාව පළමු ඉනිමට ලකුණු 253 ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 300 ක් ලබා ගැනීමට සමත් වුණා. මේ අනුව බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිමට වඩා කඩුලු දෙකක් අතැතිව ලකුණු 287 ක් ඉදිරියෙනුයි ශ්රී ලංකාව සිටින්නේ. තරගයේ අද (18) අවසන් දිනයයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/277552.jpg”]