Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 FIFA : ප්‍රබල ජර්මනිය මෙක්සිකෝව හමුවේ පරාජයට

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 12:36

2018 FIFA : ප්‍රබල ජර්මනිය මෙක්සිකෝව හමුවේ පරාජයට

පසුගිය පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනූ ප්‍රබල ජර්මන් කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික අදියරේ තරගයකදී මෙක්සිකෝව හමුවේ පරාජයට පත්වීම පාපන්දු ලෝකයේ කැපී පෙනෙන සිදුවීමක් වී තිබෙනවා. රුසියාවේ පැවැත්වෙන 21 වන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික අදියරේ තරග තුනක් ඊයේ (17) දිනයේදී පැවැත්වුණා. එහිදී පසුගිය පාපන්දු ලෝකශූර ජර්මනිය මෙක්සිකෝව හමුවේ පරාජයට පත්වීම විශේෂත්වයක්. එෆ් කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේදී ගෝල එකට බිංදුවක් ලෙසයි මෙක්සිකෝව ජය වාර්තා කළේ.

මේ අතර ස්විස්ටර්ලන්තය හා බ්‍රිසීලය අතර පැවති තරගය ගෝල එකට එකක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමා වුණා. කොස්ටරිකාව සමග පැවති තරගයෙන් ගෝල එකට බිංදුවක් ලෙස ජය වාර්තා කළේ සර්බියාවයි. මෙලෙස ප්‍රබල කණ්ඩායම් පරාජයට පත් කිරීම හා ජය පැරදුමෙන් තොරව තරග අවසන්වීමට හේතුව ඉතා හොද තරග සැලැස්මකින් යුක්තව බොහෝ කණ්ඩායම් තරග බිමට පිවිසීමයි. හොද සැලැස්මක් අනුව ක්‍රීඩකයින් වෙන වෙනම අධ්‍යයනය කරමින් මෙවර තරගාවලියට කණ්ඩායම් පිවිස සිටිනවා. තරගාවලියට කණ්ඩායම් 32 ක් තරග 64 කට එක්වන්නේ දින 32 ක් පුරායි. ඒ නගර 11 ක පිහිටා ඇති ක්‍රීඩාංගන 12කදීයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 12:36
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්