කොළොම්බියා ජනාධිපතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂක අයිවන් ඩූක් ජයග්‍රහණය කර තිබෙනවා. බොගෝටා අගනුවරදී ජනතාව අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ රට එක්සේසත් කරන බවයි.
2016 වසරේදී ෆාර්ක් කැරලිකරුවන් සමග ඇති කර ගත් මතභේදාත්මක සාම ගිවිසුම වෙනස් කිරීමට තමන්ට අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. කැරළිකරුවන් සිදුකර ඇති අපරාධවලට දැඩි දඩුවම් පමුණුවන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. කොලොම්බියා ජනාධිපතිවරණයෙන් අයිවන් ඩුක් ජයගෙන ඇත්තේ 54%ක ඡන්ද ප්රතිශතයකි.